
මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයා ගන්නා ලද මුදල් සහ දේපල පොලිස් භාරයට ගැනීම ඊයේ (16) සිදුකළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
ඒ අනුව, පොලිස් ඉතිහාසයේ ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය ලෙස ලක්ෂ 2,833ක් එමගින් සොයාගැනීමට හැකි වූ බවයි වැඩබලන පොලිස්පති පැවසුවේ.
ඔහු මේ බව පවසා සිටියේ අද (17) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙම මුදල් අයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිටත් බන්ධනාගාරයේ සිටින බවත්, සොයාගත් මුදල් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් බවත්, ඔහු පැවසුවා.
එමෙන්ම මුදල් සමග වාහන දෙකක් අත්අඩංගුවට ගත් බවත්, ග්‍රාමීය ප්‍රදේශයක නිවසක මෙම මුදල් සඟවා තිබියදී සොයාගත් බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.
තවද, එම මුදල් පිළිබඳව අද (17) කුරුණෑගල අධිකරණයට වාර්තා කළ බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
source :- https://tinyurl.com/mr23dtcs







