
හික්කඩුව මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු ඊයේ (16) සවස් කාලයේ දී දිය වැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්වී ඇති බවට හික්කඩුව පොලිසිය සඳහන් කරනවා.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ වයස අවුරුදු 19ක් වූ කැනඩා ජාතිකයෙක්.
මෙම විදේශිකයා දිය නෑමට ගිය ස්ථානයේ අනතුරු සංඥා ද යොදා තිබී ඇති අතර, ඒ පිළිබඳ තැකීමක් නොකර මුහුදේ දිය නෑමට ගොස් ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වි තිබෙනවා.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව අතුරුදහන්වූ පුද්ගලයා සෙවීමේ කටයතු වල නිරතව සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
source :- https://tinyurl.com/k44whhpn







