කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළික් අරඹා තිබෙනවා.

ඒ අනුව, කොළඹ වරායෙන් ඊයේ (13) දින බහාලුම් 459ක් නිදහස් කර ඇති අතර RCT, ග්‍රේලයින් 1 හා 2 අංගන වලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කොට නිදහස් කර තිබුණා.

රේගුවෙන් දිනකට පරීක්ශා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත්, නිෂ්කාෂන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුනා.

අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ශන අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී තිබෙනවා.

එමෙන්ම රේගුව විසින් නිදහස් කළ එහෙත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිශ්කාෂන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකළ බහාලුම් 603ක් ද කොළඹ වරාය තුළ මේ වනවිට ඉතිරි වී තිබෙනවා.

ඒ අනුව, අද දින නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතු වල නිරත වෙනවා.

source :- https://tinyurl.com/5hcms5zj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here