
ලබන මස පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත අයිසීසී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ඉන්දීය සංචිතය නම් කිරීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.
ඒ විරාට් කෝලි, රෝහිත් ෂර්මා ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් සංචිතයට එක් කරන්නේද නැද්ද යන්න පිළිබඳව පවතින මතභේදාත්මක තත්ත්වය හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති නමුත් එය තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

ලබන මස 19 වනදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා රටවල් 8ක් සුදුසුකම් ලබා ඇති අතර, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසිලන්තය මේ වනවිටත් සිය සංචිත නම් කර අවසන්.
source :- https://tinyurl.com/mnvk6m59








