මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්,පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය තෛපොංගල් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහිදී, රටේ ජනිත නව උද්‍යෝගයත් සමඟ ‘ලස්සන ජීවිතයක’ බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යෑමට ශ්‍රී ලාංකේය අප සැමට අවස්ථාව උදා වී ඇති බව සඳහන් කරන ජනපතිවරයා ඒ උදෙසා වූ පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම අපි දරන්නෙමු යනුවෙන් ස්වකීය සුබපැතුම් පණිවිඩ‍යේ සඳහන් කර තිබෙනවා.

තවද, ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබෙන බව අගමැති ආචාර්‍ය හරිනි අමරසූරිය තෛපොංගල් සුබපැතුම් පණිවිඩයේ සඳහන් කරනවා.

එහිදී රටක් වශයෙන් අප සුවිශේෂී සංධිස්ථානයකට එළඹ සිටිමු., ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ ඇති බවයි අගමැති විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

source :-  https://tinyurl.com/3apesehd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here