මාතර – පොල්හේන වෙරළ තීරයේ දියවැලකට හසුවූ විදේශිකයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

තිස් හත් හැවිරිදි රුසියානු ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා ඊයේ දහවල් කාලයේදී එම වෙරළ තීරයේ දිය නෑමට ගිය අවස්ථාවෙදීයි මෙලෙස දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇත්තේ.

එහිදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට එය නිරීක්ෂණය වී කඩිනමින් එම විදේශීකයා බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

source :- https://tinyurl.com/2m4smbbv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here