බදුල්ල – පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් සහිත ප්‍රදේශයකට ගමන් කිරීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පස්සර පොලිසිය සදහන් කළේ කොළඹ සිට පස්සර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

තුවාල ලැබූවන් පස්සර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සදහන් කළේ.

බස් රථයේ රියදුරට නින්ද යාම මෙම අනතුරට හේතු වී තිබෙනවා.

source :- https://tinyurl.com/5tbjdmt8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here