ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව පොලිසිය සිදු කරන බස් රථ පරීක්ෂා කිරීම අතරතුර පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මගීන් බස්සවා, ගමන් කළ මාර්ග අංක 100 පානදුර – කොළඹ බස් රථයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ බස් රථයේ රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කළේ.

පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බුද්ධි අංශ නිලධාරින් එක්ව ඊයේ පානදුර පරණ පාලම අසල රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකළ අතර එහිදී නිළධාරින් දෙදෙනෙකු බස් රථයේ රියදුරු සිදු කරනු ලැබූ වැරදි පැහැදිලි කිරීමෙන් පසු පානදුර උතුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම බස් රථයේ රියදුරාට දඩ පත්‍රිකාවක් ලබාදී තිබුණා.

ඊට විරෝධය පළකළ රියදුරු‍ මගීන් බස්සවා බස් රථය නැවත හරවාගෙන යාමටයි කටයුතු කරනු ලැබුවේ.

source :- https://tinyurl.com/kv9xfk6c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here