නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 06ක් අද (07) පෙරවරුවේ වැටලීමට කන්දකැටිය පොලිසිය සමත්ව තිබෙනවා.

වැටලීමෙන් එම ස්ථාන පවත්වාගෙන ගිය සැකකාර පුද්ගලයින් 06 දෙනෙකු සමග ගෝඩා මිලිලීටර් 15,000ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල, පරණ මහියංගන පාර, කිව්ල ගෙදර, කන්දකැටිය හා අග්ගලා උල්පත ප්‍රදේශවල පදිංචි කරුවන් පිරිසක්.

පොලිසිය වෙත ලද තොරතුරකට අනුව‍යි කන්දකැටිය පොලිසියේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් අද (07) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

source :- https://tinyurl.com/y3tzu4w2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here