UPDATE – ගල්කිස්ස – වටරප්පල පාරේදී සිදු වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අනෙකුත් පුද්ගලයාද (20) මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

———–

ගල්කිස්ස – වටරප්පල පාරේදී අද අලුයම 04.45ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ, ගල්කිස්ස වටරප්පල පාර ප්‍රදේශයේ පදිංචි සුදත් ගෝමස් නැමැති 36 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලබා ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි දැරණියගමගේ චානුක විමුක්ති පීරිස් නැමැති 20 හැවිරිදි පුද්ගලයෙක්.

source :- https://tinyurl.com/296m78u9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here