සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ අවසන් වූ දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩයම සමත් වුණා.

ඒ අනුව, තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගනු ලැබුවේ දකුණු අප්‍රිකාවයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 615ක් ලබා ගත් අතර පාකිස්ථාන කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගත හැකි වූයේ ලකුණු 194ක් පමණයි.

පසුව පාකිස්ථාන කණ්ඩායම යලි දෙවන ඉනිම ආරම්භ කළ අතර ඔවුන් එහිදී ලකුණු 478ක් රැස් කළා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 58ක් අවශ්‍යව තිබූ අතර, එම සීමාව දකුණු අප්‍රිකාව පසුකර ගියේ කිසිදු කඩුල්ලක් නොදැවීයි.

source :- https://tinyurl.com/4vw9jpcm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here