පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ අනුව, 2020 වසරේ දී පුද්ගලයින් 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක් සහ 2022 වසරේදී පුද්ගලයින් 2,540 දෙනෙක්, ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, 2023 වසරේදී පුද්ගලයින් 2,321 දෙනෙක් සහ ගෙවුණු වසරේදී පුද්ගලයින් 2,359 දෙනෙක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එමෙන්ම, පසුගිය වසරේ ජනවාරි පළමුවදා සිට නොවැම්බර් 30 වනදා දක්වා සිදුවූ බස්රථ අනතුරු සම්බන්ධයෙන්ද පොලිසිය තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව, මාරක බස්රථ අනතුරු 198ක් වාර්තා වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඊට ලංගම බස්රථ අනතුරු 50ක් සහ පුද්ගලික බස්රථ 148ක් අයත්.

source :- https://tinyurl.com/543k324k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here