සබරගමුව මහා සමන් දේවාලයේ කපු මහතුන් ඇතුළු රාජකාරී මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.

ඒ, එම දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින්.

ඔවුන් සඳහන් කළේ සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන වුවමනාවන් මත මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.

රාජකාරී කටයුතුවලින් ඉවත්වූ පසු කපු මහත්වරුන් ඇතුළු පිරිස සමන් දේවාලයේ සිට රත්නපුර – පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසළට පැමිණ ඊයේ නිහඬ විරෝධතාවකද නිරත වුණා.

මේ අතර, කතරගම දේවාලයේ මුදල් භාවිතය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව එල්ල කරන චෝදනා පිළිබඳව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මෙලෙස අදහස් පළ කළා.

source :- https://tinyurl.com/3eyn2ua4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here