සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (05) නවසීලන්තයේ වෙලිංටන් හිදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56ක් රැස් කළ අතර ජනිත් ලියනගේ ලකුණු 36ක් සහ වනිඳු හසරංග ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Matt Henry කඩුලු 4ක් දවා ගත් අතර Jacob Duffy සහ Nathan Smith කඩුලු 2 බැගින් දවා ගත්තා.

source :- https://tinyurl.com/ybkpw9yf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here