
තවත් සතියකින් පමණ පසු උදාවන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ද පොංගල් පිළියෙල කර ගැනීමට නොහැකි අයුරින් වෙළදපොලේ සහල් හිඟයක් නිර්මාණයක් වෙමින් පවතින බව පිටකොටුව සහල් තොග වෙළෙඳුන් චෝදනා කරනවා.
පැවති සහල් හිඟයට විසඳුම් ලෙස සහල් සඳහා පාලන මිල ගණන් පැනවීමට, සහල් ආනයනය කිරීමට මෙන්ම පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන්නන් සහ තොග සඟවා සිටින්නන් සොයා විමර්ශන ආරම්භ කිරීමටයි රජය පියවර ගත්තේ.
එමෙන්ම, රජය විසින් සහල් ආනයනය කිරීමටද පියවර ගත් අතර, ඒ අනුව, අද වන විට සහල් මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා ආනයනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය උත්සව කාල සීමාවේ මෙන්ම, අද වන විටත් වෙළදපොලේ සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවයි වෙළදුන් ප්‍රකාශ කළේ.

මේ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දේශීය කැකුළු සහ නාඩු සහල් හිඟයක් ද පවතින බවට වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයින් ද චෝදනා කරනවා.
මේ අතර, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පසුගිය කාල සීමාවට සාපේක්ෂව එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පාරිභෝගිකයින් පවසනවා.
source :- https://tinyurl.com/3xkspck3







