ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කර රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් එම සමාගමේ ඊයේ පැවති සාකච්ඡාවකදී එම කරුණු අනාවරණය වූ බව සදහන්.

ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම, නව නිෂ්පාදන හදුන්වාදීම , ප්‍රවර්ධනය පිළිබදව සහ කාර්ය මණ්ඩලයේ ගැටළු පිළිබදව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එහිදී ත්‍රිපෝෂ සමාගමේ අමුද්‍රව්‍ය ගබඩාව, නිෂ්පාදන කටයුතු, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකාරීත්වය, ඇසුරුම් කටයුතු සහ තත්ත්ව කළමනාකරණ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පරික්ෂාවට ලක් කළ බව සදහන්.

source :- https://tinyurl.com/4mub2h63

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here