රජයේ වෙබ් අඩවි, සයිබර් ප්‍රහාරවලට ලක්වීම වැළැක්වීම සදහා ක්‍රමවේදයක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එම සංගමයේ ජේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ කියා සිටියේ මෑතකදී සයිබර් ප්‍රහාරයට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සයිබර් ප්‍රහාරය කුමන පාර්ශ්වයක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම පසුගිය මස 30 වැනිදා රාත්‍රියේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ යූ ටියුබ් නාලිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ  අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

source :- https://tinyurl.com/36djj98b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here