“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කිරීමට රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් විශේෂ රථවාහන මෙහෙයුමක් සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි ආරම්භ කර තිබෙනවා.

ඊයේ සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක මෙම මෙහෙයුමේදී රථවාහන සම්බන්ධයෙන් පවතින වැරදි සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කිරීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

ඒ අනුව ඝෝෂාකාරී නලා සවි කිරීම් සහ විවිධ වර්ණ සහිත පහන් සවි කිරීම් සමගින් රථවාහන ධාවනය කිරීම පිලිබද අවධානය යොමු කෙරෙනු ඇති.

එමෙන්ම, පිටුපස සහ බඳෙහි පැතිවල චිත්‍ර මෝස්තර, වෙළද දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති වාහන පිළිබද මෙන්ම බස් රථවල නලා භාවිතය පිළිබදවද මෙම මෙහෙයුමේ දී අවධානය යොමු කිරීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

source :- https://tinyurl.com/4538uzd4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here