නුවරඑළිය ප්‍රදේශයට (02) දින උදැසන සිට ඝන මිදුම් තත්ත්වයක් හටගැනිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.

ඝන මිදුම් තත්ත්වය හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල සිට නානුඔය දක්වාත්, ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ සිට නුවරඑළිය දක්වා පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයට තරමක අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින අතර, ප්‍රදේශය පුරා අදුරු කාලගුණ තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/5cbvmxrx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here