සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 218ක් රැස් කරගත්තා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී යාමෙන්.

අද (02) තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 14ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 22ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17ක්ද, නායක චරිත් අසලංක ලකුණු 46ක්ද, රැස් කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩාකල කුසල් පෙරේරා පන්දු 44කදී ලකුණු 101ක් රැස් කළ අතර, එම ශතකය පන්දුවාර 20 තරහයකදී මෙරට ක්‍රීඩකයෙකු ලබා ගත් තෙවැනි ශතකය වනු ඇති.

මින්පෙර මහේල ජයවර්ධන සිම්බාවේ කණ්ඩායමට එරෙහිව 2010 දී පන්දු 64කට ලකුණු 100ක් වාර්තා කර තිබෙනවා.

තවද, තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලිය කණ්ඩායමට එරෙහිව පන්දු 57කදී නොදැවී ලකුණු 104ක් රැස්කර ගත්තේ 2011 වසරේදීයි.

අද තරගයේ පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ Matt Henry, Jacob Duffy, Zakary Foulkes, Daryl Mitchell සහ Mitchell Santner අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 219ක ඉලක්කයක් හිමි වන අතර, තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ මීට පෙර පැවති තරග 02 ම ජයගත් නවසීලන්ත කණ්ඩායම තරගාවලිය ජයගෙනයි පසුවන්නේ.

source :- https://tinyurl.com/yc6ryxup

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here