
යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි පැදිකරු ඇලකට වැටී දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
අද (01) වැනිදා අළුයම් කාලයේ වැලිකන්ද, ගිනි දමන ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
මරණකරු වයස අවුරුදු 30ක් වූ ගිනිදමන, නෙළුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු පිරිතකට සහභාගී වීමෙන් පසු නැවත නිවසට එමින් සිටියදී අනතුර සිදුව තිබෙන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය විමර්ශන සිදුකරනවා.
source :- https://tinyurl.com/3tytm3w2







