දිනකට සීගිරිය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයින් 10,000කට අධික පිරිසක් පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමණාකරු තුසිත හේරත් සදහන් කළා.

එමෙන්ම, මෙලෙස සංචාරක අවධානය දිනාගත් ස්ථාන වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණීම වර්ෂ අවසාන නිවාඩු සමයේදී ඉහළ යෑම සහ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් එම ස්ථාන විනාශ මුඛයට යෑම පිළිබඳව සංචාරක අමාත්‍යාංශය වෙත පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

දේශීය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයින් ද වර්ෂ අවසානයේ නිවාඩුව ගත කිරීම සඳහා සංචාරක ස්ථාන කරා පැමිණීම ඉහළ ගොස් ඇති බැවින් ජීවිත ආරක්ෂාව මෙන්ම පරිසරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ, විදේශීය සංචාරකයින් ද ලක්ෂ 02කට අධික පිරිසක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරයේ නිරත වන බවයි.

මේ හේතුවෙන් සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවා අධික තදබදයක් වාර්තා වී තිබෙනවා.

එබැවින් ජීවිත ආරක්ෂාව, පරිසරයේ ආරක්ෂාව සහ විදේශීය සංචාරකයන්ට බාධා නොවන අයුරින් නිවාඩු සමය ගත කරන ලෙසයි සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.

source :- https://tinyurl.com/2ckz92r8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here