ගංවතුර, නියඟ සහ වන සත්ත්ව හානි මත 2024 යල කන්නයේ වූ වගා හානිවලට අදාල වන්දි ජනවාරි 05 වැනිදාට පෙර ගෙවීමට නියමිත බව කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

පසුගිය මාර්තු මස සිට ඔක්තෝම්බර් දක්වා කාලයේදී වී වගාව සහ අනෙකුත් වගාවන් රැසක් විනාශ වී තිබෙනවා.

මේ සඳහා නියඟ, ගංවතුර සහ වනඅලි හානිය මූලික වී තිබෙන බවයි හඳුනාගෙන ඇත්තේ.

දැනටමත් ගොවීන් 80%ක ප්‍රමාණයකට රුපියල් මිලියන 80කට ආසන්න වගා හානි වන්දි මුදලක් ගෙවා තිබෙන බවයි කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ.

ඉතිරි ගොවීන් සියලු දෙනාටම ජනවාරි 05 වනවිට නියමිත වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර තිබෙන බවද කෘෂිකර්ම සහ ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

source :- https://tinyurl.com/5y6h6nwd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here