
එළැඹෙන 2025 වසරේ විදේශ රැකියාවක් සඳහා යෑමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින්ට යා යුතු හොඳම රටවල් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ Go overseas වාර්තා පදනම් කර ගනිමින්.
මේ ආකාරයට ලබන 2025 වසරේ විදේශ ගතවී රැකියාවක් කිරීමට වඩාත් සුදුසු රටවල් 10 නම් කර තිබෙනවා.

ඒ අනුව ලොව අංක එකේ රට ලෙස නම් කර ඇත්තේ නවසීලන්තයයි.
දෙවන තැනට නම් කර ඇත්තේ නෙදර්ලන්තය බවයි දැක්වෙන්නේ.
එම ශ්‍රේණිගත කිරීම අනූව තුන්වන රට ලෙස නම් කර ඇත්තේ දකුණු කොරියාවයි.
ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 4වන ස්ථානය වන අතර ජර්මනියට 5වැනි ස්ථානය හිමිව තිබෙන බව සඳහන්.
මේ අතර පිළිවෙලින් බ්‍රසීලය,ඩෙන්මාර්කය,බොට්ස්වානා,කැනඩා සහ කාම්බෝජය යන රටවල් නම්කර තිබෙනවා.
2025 වසරේ විදෙස් රටක රැකියා අපේක්ෂා කරන පිරිසට යායුතුම රටවල් මෙසේ නම්කර ඇත්තේ රැකියා සුරක්ෂිතතාව සහ ඉහළ වැටුප් මත පදනම්ව බවයි වාර්තා වන්නේ.
source :- https://tinyurl.com/3b58btwh







