බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ප්‍රදේශවල පවතින අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් එහි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර තිබෙනවා.

මේ වන විට ගුවන් ගමන් 20කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර 29ක් පමණ ප්‍රමාද වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපොලට පැමිණීමට පෙර මගීන්, සිය ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කර පැමිණෙන ලෙසයි එරට ගුවන් සේවා අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

source :- https://tinyurl.com/2s6tpmd9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here