2024 නව වසරේ පාසල්, එළැඹෙන ජනවාරි 02 දා ආරම්භ වීමට නියමිත අතර තම දරුවන්ගේ පාසල් උපකරණ ලබා ගැනීම සඳහා මේ දිනවල දෙමව්පියන් තුළ පවතින්නේ දැඩි උනන්දුවක්.

ඒ, එම පාසල් උපකරණවල මිල ගණන් ඉහළ ගොස් ඇති වාතාවරණයක් යටතේයි.

නව රජය බලයට පත්වීමෙන් පසු ඉකුත් නොවැම්බර් 18 වැනිදා ජනාධීපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ අඩු ආදායම්ලාභී පුවුල්වල තොරාගත් දරුවන් සඳහා රුපියල් 6,000ක පාසල් උපකරණ දීමනාවල් ලබා දෙන බවටයි.

මේ වන විටත් අස්වැසුම මගින් ඇතැම් දරුවන්ට රුපියල් 6,000ක පාසල් උපකරණ දීමනාව ලැබී තිබෙන බව ඇතැම් දෙමාපියන් පවසනවා.

කෙසේ වෙතත් ඇතැම් මව්පියන් පෙන්වා දෙන්නේ තොරාගත් පිරිසකට පමණක් පාසල් උපකරණ දීමනාව ලබා දීම අසාධාරණ බවයි.

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ මෙය සාධාරණ ලෙස සියලු‍ම දරුවන් වෙත ලබා දිය යුතු බවයි.

source :- https://tinyurl.com/23k3zajx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here