ටින් කළ මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ලෙසත්, මැකරල් ග්‍රෑම් 155 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ලෙසයි එහි දැක්වෙන්නේ.

එසේම මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක් රුපියල් 420ක මිලකටත්, ජැක් මැකරල් ග්‍රෑම් 425 ටින් එකක් රුපිල් 560ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නියෝගය අද සිට බලපැවැත්වෙන බවද එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

source :- https://tinyurl.com/3xv96zvb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here