මගීන්ගේ ආරක්ෂාව සඳහා, මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

මෙහිදී ප්‍රධාන වශයෙන් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කෙරෙනු ඇතියි.

ඒ සම්බන්ධයෙන් අදාළ බස්රථ වල ගමන් ගන්නා මගීන් ගෙන් ද සාර්ථක තොරතුරු පොලිසියට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

මෙහිදී බස් රථ සඳහා සිවිල් ඇඳුමින් නිළධාරීන් රාජකාරියේ යොදවා දුර ගමන් සේවා බස් රථවල සැළකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කර රියදුරන් සිදු කරන රථවාහන වැරදි සම්බන්ධව නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉන්පසු ඉදිරි ස්ථානයකදී නිල ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම බස් රථ නවත්වා, සිදුකරන ලද රථවාහන වැරදි පිළිබඳ අදාළ රියදුරන් දැනුවත් කර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සිදු කරනු ඇති.

source :- https://tinyurl.com/r6rxz6tf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here