
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලත් හෙට දිනයේ තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රීක්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං මෙන්ම, අකුණු අනතුරු සිදු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත දැනුම් දෙනවා.

source :- https://tinyurl.com/4yfpkkjh







