
පුද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙටි්‍රක් ටොන් 72000ක් අද උදෑසන වන විට රේගුව හරහා නිෂ්කාෂන කටයුතු සිදු කළ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
එම සහල්වලින් මෙට්‍රික් ටොන් 32000ක් කැකුලු සහල් වන අතර මෙට්‍රික් ටොන් 40000ක් නාඩු සහල් වන බවයි රේගුව වැඩිදුරටත් සඳහන් කළේ.
වෙළඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව පුද්ගලික අංශයටද සහල් ආනයනයට අවස්ථාව හිමි වූ අතර පුද්ගලික අංශය සහල් ආනයනට කළද තවමත් රජයේ පාර්ශවයෙන් සහල් ආනයනයට අපොහොසත් වී තිබෙනවා. කෙසේ වෙතත්, අද දිනයේදී රජය ආනයනය කරන සහල් තොගයක් දිවයිනට පැමිණීමට නියමිත බව ඊයේ ප්‍රකාශ කෙරුණා.
රජය විසින් සහල් ආනයනයට අදාළව මෙට්‍රික් ටොන් 5200 බැගින් ටෙන්ඩර් 4ක් නිකුත් කළ අතර ඉන් ටෙන්ඩර් 2ක් සතොස මගින්ද සෙසු ටෙන්ඩර් 2 රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහාද ආනයනය කිරීමට තීරණය වී තිබුණා.එවන් පසුබිමක සතොස හරහා සහල් ආනයනය ඉදිරිපත් කළ ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේප වී ඇති බව වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් සතොස මගින් සහල් ආනයනය සදහා ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් පත් 03 ක් ප්‍රතික්ෂේප වීම සමබන්දයෙන් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය අද පෙරවරුාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ගේ සංගමය පවසන්නේ රට තුල මේ ආකාරයෙන් දැඩි සහල් අර්බුදයක් නිර්මාණය වීමට හේතුව මහා පරිමාණ වී මෝල් හිමියන් විශාල වශයෙන් වී තොග ගබඩා කර ගෙන සිටීම බවයි.
එම සංගමයේ සභාපති යූ කේ සේමසිංහ ඊයේ අනුරාධපුර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමිනුයි මේ බව ප්‍රකාශ කළේ.







