පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දූෂණ විරෝධී සංවිධානය පවසනවා.

එහෙත්, බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමටයි රජය පසුගියදා තීරණය කරනු ලැබුවේ.

පසුගිය 20 වනදා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරිය නිකුත් කළ අදාළ චක්‍රලේඛනයේ දැක්වුණේ, පළාතේ ඇතැම් ගුරුවරුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙනත් ස්ථානවලදී මුදල් අයකර අමතර පංති පවත්වන බවට හා එම පංතිවලට සහභාගී නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදු කරන බවට තොරතුරු වාර්තා වන බවයි.

කෙසේ වෙතත්, එය අවලංගු කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පසුව සදහන් කළේ.

source :- https://tinyurl.com/4zc4spu9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here