අප්‍රිකානු සූකර උණ වැළදීමෙන් මෙරට වල් ඌරන් සිය දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් තිබෙනවා. යාල, විල්පත්තු වනෝද්‍යාන තුළ මෙන්ම ගම්පහ ,මීරිගම, පේරාදෙණිය, රත්නපුර වැනි නාගරික ප්‍රදේශවලින් ද මෙම මරණ වාර්තා වී ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් සදහන් කළේ.

මේ වන විට වල් ඌරන් අතර රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අතර එහි බලපෑමෙන් මෙරට වල් ඌරු ගහණයම සම්පූර්ණයෙන් වද විය හැකි බව ද ඔහු සදහන් කළා.

මෙම අප්‍රිකානු සූඛර උණ රෝගය සහ අබිජනන හා සුවසන සහලක්ෂණ රෝගය ඌරන් අතර ව්‍යාප්ති වීම හේතුවෙන් මෙරට ඌරු මස් අලෙවිය තහනම් කිරීමට සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තොම්බර් මාසයේදී පියවර ගනු ලැබුවේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්.

බස්නාහිර, වයඹ සහ උතුරුමැද පළාතේ ගොවිපළ වැඩි සංඛ්‍යාවකින් රෝගය වාර්තා වූ අතර, මිය ගිය ඌරන්ගේ සිරුරු විනාශ කර දැමීමටයි පියවර ගැනුණේ.

කිසියම් පුද්ගලයෙකු වනෝද්‍යානයක් තුළට රැගෙන ගිය රෝගය වැළදුණු ඌරෙකුගේ මාංශ වල් ඌරෙකු අනුභව කිරීම හේතුවෙන් එම සතුන් අතර ද රෝග ව්‍යාප්තිය සිදු වන්නට ඇති බවට සැකකරන බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් කියා සිටියේ.

මේ නිසා ඌරු මස් වන උද්‍යාන තුළට රැගෙන යාම වන ජීවි දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අත්හිටුවා තිබෙනවා.

source :- https://tinyurl.com/bddh9ac7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here