සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර ගැටලුවකින් තොරව සිදුකරගෙන යෑම සදහා අවශ්‍ය සහයන් තවදුරටත් ලබාදෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරිප්පෙරුම ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට පසුගිය 20 වැනිදා අත්සන් කළ බවයි.

එමෙන්ම, කොළඹ කොටස් වෙළඳපොලේ අදත් කැපී පෙනෙන වර්ධනයක් සිදුවුණා. ඒ අනුව, සියලු‍ කොටස් මිල දර්ශක අගය ඒකක 232 .13 කින් ඉහළ ගොස් දිනයේ ගණුදෙනු අවසානයේදී සටහන් වූයේ ඒකක 15,400.53 ක් ලෙසින්.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි දර්ශකය ඒකක 67.15 කින් ඉහළ ගොස් ඒකක 4602.4 ක් ලෙස දැක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here