ලබන වසරේ ජනවාරි 01 වනදා සිට වයස අවුරුදු 12 ට අඩු ළමයින් වෙළද ප්‍රචාරණයන්ට යොදා ගැනීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මෙරට දණ්ඩ නීති සංග්‍රහය සහ ළමා ආරක්ෂණ අධිකාරි පනත උපයෝගී කරගනිමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව, වෙළද ප්‍රචාරණයේදී දරුවන් අනවශ්‍ය ලෙස යොදා ගැනීමට වැට බැදීම මෙහි අරමුණ වී තිබෙනවා.

මීට පෙර පැවති රජයන් අවස්ථා කිහිපයකදී ඊට අදාළව ගැසට් නිවේදන නිකුත් කළද ඒවා ක්‍රියාත්මක වූයේ නැහැ.

source :- https://tinyurl.com/444bp6m6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here