
බන්ධනාගාරයේ පුරප්පාඩු 1,717ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තනතුරු 79කට අදාලව නිලධාරී පුරප්පාඩු 1,717ක් පවතින බව විගණන මහ ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන ලද විගණන වාර්තාවේ දැක්වෙනවා.
2023.12.31 දිනට අනුමත නිලධාරී සංඛ්‍යාව 7,872ක් වුවත් ඒ වන විට සේවයේ යෙදි සිටියේ 6,173ක් පමණක් බවත් තනතුරු දෙකකට අදාලව නිලධාරීන් 18 දෙනෙකු අතිරික්ව සිටි බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සඳහන්.

බන්ධනාගාර රෝහල් 14ක ශ්‍රේණිගත වෛද්‍යවරුන් 22ක් අතිරික්තව සිටි බවත් බන්ධනාගාර රෝහල් 05ක ශ්‍රේණිගත වෛද්‍යවරුන් 09ක පුරප්පාඩු තිබු බවත් එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
මේ අතර බන්ධනාගාර රෝහල් 04ක ලියාපදිංචි වෛද්‍යවරුන් 05ක් අතිරික්තව සිටි බවත් බන්ධනාගාර රෝහල් 03ක ලියාපදිංචි වෛද්‍යවරුන් 05ක පුරප්පාඩු තිබූ බවත් එම විගණන
වාර්තාවේ සඳහන්.
අගුණකොලපැලැස්ස, වටරැක, මීගමුව, මහර, බෝගම්බර හා වැලිකඩ බන්ධනාගාරවල 2023 ජනවාරි සිට නොවැම්බර් දක්වා සිරකරුවන් 2,316 දෙනෙකු නැවත නැවත බන්ධනාගාරගත වී ඇති බවත් එසේ නැවත නැවත බන්ධනාගාරගත වීම් හදුනා ගැනීමේ නිසි ක්‍රමවේදයක් බන්ධනාගාර තුල නොමැති බවත් විගණනයේදී තහවුරු වී තිබෙනවා.
source :- https://tinyurl.com/cyhs66uv







