
තවත් හෝරා කිහිපයකින් උදාවන, සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිකෙරෙන අසිරිමත් නත්තල පිළිගැනීමට ලෝකවාසී කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සූදානමින් සිටිනවා.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ මෙවර නත්තල් සැමරුමේදී 2025 වසර ක්රිස්තු ජයන්තියක් එනම් ජුබිලි වසරක් ලෙස ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
ශුද්ධ වූ බෙත්ලෙහෙම නගරයේ දිළිඳු ගව ලෙනක මීට වසර 2024කට පෙර උපන් ජේසු සමිඳාණන් සිහිපත් කෙරෙන ඒ අසිරිමත් නත්තල අද මැදියම් රාත්රියේ උදාවන අතර මෙවර මෙරට නත්තල් ප්රධාන දේවමෙහෙය ජා ඇළ වික්ෂෝප මාතා දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන්.
අසිරිමත් නත්තල වෙනුවෙන් ගාලුමුවදොර සංවිධාන කර තිබූ කැරොල් ගීත ප්රසංගයකට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සහභාගි වී සිටියා.
source :- https://tinyurl.com/45hkysyp








