තායිවානයේ තායිපෙයි අගනුවරදී විශේෂ බර ඉසිලීමේ තරගයක් ඉකුත් 21 වැනිදා පවත්වා තිබෙනවා.

එහිදී අවුරුදු 90ක් වයස මාතාවක කිලෝ ග්‍රෑම් 35ක් සිනාමුසු මුහුණින් ඉණ ළඟට ඔසවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කිලෝ ග්‍රෑම් 35ක් එසවූ ක්‍රීඩිකාව නමින් චෙන්ග් චෙන් චින් මෙයි බව සඳහන්.

ඇය පාර්කින්සන් රෝගයෙන් පෙළෙන බවයි පැවසෙන්නේ.

මැය බර ඉසිලීමේ ක්‍රීඩාවට 2023 වසරේ පිවිස තිබෙනවා.

තමා පර්කින්සන් රෝගය පෙළෙන බව දැනගත් විට බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමුවීම සඳහා සිය මිණිපිරිය තමාව දිරිමත් කළ බවයි චින් මෙයි පවසන්නේ.

චින් මෙයි එලෙස කිලෝ ග්‍රෑම් 35ක් ඔසවද්දී නරඹන්නන් අතර සිටි පරම්පරා තුනක ජනතාව ඇයට ඔල්වරසන් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරඟය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙකු වයස අවුරුදු 70 හෝ ඊට වැඩිවීම එහි විශේෂත්වයක්.

චින් මෙයි මෙම තරගයට සහභාගී වූ වයස්ගතම ක්‍රීඩිකාව වන අතර අවුරුදු 92 පිරිමි පුද්ගලයකුද මෙම බර ඉසිලීමේ තරඟයට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/3u5fwswv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here