බලයෙන් පහකළ අගමැතිනි ෂීක් හසීනා පිටුවහල් කිරීමේ ඉල්ලීමකට අදාළව බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයෙන් වාචික සටහනක් ලැබුණු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙතත්, එම අමාත්‍යංශය මෙම කාරණය සම්බන්ධයෙන් කිසිදු අදහසක් ඉදිරිපත් කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

“අපට පිටුවහල් කිරීමේ ඉල්ලීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයෙන් අද වාචික සටහනක් ලැබී ඇති බව අපි තහවුරු කරමු. මේ අවස්ථාවේ දී, මේ කාරණය සම්බන්ධයෙන් අපට අදහස් දැක්වීමට කිසිවක් නැත, ” යනුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වී අගෝස්තු 5 වන දින ඉන්දියාවට පැමිණි හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ආපසු එවන ලෙස බංග්ලාදේශය පෙරේදා ඉන්දියාවෙන් නිල වශයෙන් ඉල්ලා තිබුණා.

source :- https://tinyurl.com/ynzy7twv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here