හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් වනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශය කළා.

එහෙත්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තවදුරටත් කටයුතු කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මාස හයකට වරක් සමාලෝචනය කර ඒ අනුව ආරක්ෂාව ලබාදෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/2u9jrhte

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here