බලපත්‍ර, අංක තහඩු නොමැති ත්‍රී රෝද රථ කොටස් කර අලෙවි කළ රත්තොට ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත රත්තොට – ඇහැළගස්හින්න ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

අදාළ අලෙවිසැල තුළ සැකකරු විසින් ත්‍රී රෝද රථ කොටස් කර ඒවා අලෙවි කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එහි නීති්‍යානුකූලභාවය තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/7dmyxph2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here