
අමෙරිකාවේ ස්ථාන කිහිපයකින් මතුවන අභිරහස් ඩ්‍රෝන යානා හේතුවෙන් නිව් ජර්සි ප්‍රාන්තයේ නගර 23ක සහ නිව් යෝර්ක් නගරයේ ප්‍රදේශ 30ක ඩ්‍රෝන ගුවන්ගත කිරීම තහනම් කර තිබෙනවා.
මීට පෙරද ප්‍රදේශ කිහිපයකින් අභිරහස් ඩ්‍රෝන යානා මතුවීම හේතුවෙන් තාවකාලිකව ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම තහනම් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
විශේෂ ආරක්ෂක හේතුන් මත යැයි පවසමින් ඉතා වැදගත්කමක් සහිත ගොඩනැගිලි පිහිටි ප්‍රදේශ සහ නගර 53ක ඩ්‍රෝන ගුවන් යානා ගුවන්ගත කිරීම මෙලෙස ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

source :- https://tinyurl.com/8skkr9cj








