පාසැල් උපකරණ ලබාගැනීම සඳහා වත්මන් රජය තෝරාගත් පාසැල් දරුවන් පිරිසකට පමණක් දීමනාවක් ලබාදීම අසාධාරණ බව ගුරු සංගම් චෝදනා කරනවා.

එම සංගම් පෙන්වා දෙන්නේ, අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දරුවන්ට සහ අස්වැසුම නොමැති ප්‍රතිලාභ අවශ්‍ය දරුවන්ට රුපියල් 6,000 ක දීමනාවක් ලබාදීම වෙනුවට, රජය කළ යුත්තේ සියලු‍ පාසැල් දරුවන්ට සහන ලබාදීම බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු.

මේ අතර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 06 ක් වෙන් කළ යුතු බව විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සංවිධායක ලේකම් මංගල මද්දුමගේ ප්‍රකාශ කළා.

source :-  https://tinyurl.com/5n7bnmw8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here