
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ඊයේ (21) දින හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ පහලින් පිහිටි තේ වත්තට පෙරලීමෙන් සිදු වු අනතුරෙන් ජිවිතක්ෂයට පත් තිදෙනාගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කරනවා.
ඒ අනුව, මෙම අනතුරින් හැටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ් කුමාර් නමැති 14 හැවිරිදි සිසුවෙකු, මහනුවර යටිනුවර විදියේ පදිංචිව සිටි අබ්දුල් උවයිස් නමැති 68 හැවිරිදි අයෙකු සහ නොර්වුඩ් ඉහළ කොටසේ පදිංචිව සිටි මුත්තුරාකු නමැති 68 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි ඔහු සඳහන් කළේ.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 53 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බවත්, ඉන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් හත්දෙනෙක් මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවු බවත්, තවත් තුවාලකරුවන් 43 දෙනෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

අනතුරට පත් බස් රථයේ රියදුරා අතින් මීට මාස කිහිපයකට ප්‍රථම ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වු බවත්, නාවලපිටිය ප්‍රදේශයේදී ද විශාල රිය අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් පැවසූ බවයි හිරු ප්රවෘත්ති ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගනිමින් බස් රථය රියදුරු විසින් ධාවනය කල බවට මගින් විසින් හැටන් පොලිසියට ප්‍රකාශයක් ලබා දි ඇති අතර, අධික වේගයෙන් ධාවනය වු බස් රථයේ රියදුරුගේ දොර එකවරම විවෘත විම නිසා දොර වැසිමට රියදුරු උත්සහ කිරිමේදි බස් රථ රථය රියදුරු පාලනයෙන් මිදි බස් රථය තේ වත්ත පෙරලුණු බවට සාක්ෂි ලැබි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සඳහන් කළේ.
අනතුරට පත් බස් රථය අනුමත ආසන සංඛ්‍යාවට වඩා තවත් ආසන කිහිපයක් සවි කර තිබු බවට හැටන් පොලිසිය සැකකරන අතර, අනතුරට පත් බස් රථය තුළ තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බැලිමේදි බස් රථය අනතුර පත් වි විනාඩි කිහිපයක් තුල එම කැමරාවේ දර්ශන ජංගම දුරකථනය ඔස්සේ අධික්ෂණය කරන අයෙකු විසින් මකා දමා ඇති බවට හැටන් පොලිසිය විසින් සිදු කල මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරනවා.
එම දත්ත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර, අනතුරට පත් බස් රථය හැටන් පොලිසිය විසින් ගොඩගෙන තිබෙනවා.
අනතුරෙන් ජිවිතක්ෂයට පත් අවු 14 හැවිරිදි දරුවා වකුගඩු රෝගියෙකු වන අතර, ඔහු සායන කටයුතු සදහා සහභාගි විම සදහා සිය සොහොයුරිය සමග මහනුවර දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුරට මුහුණපා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, ජිවිතක්ෂයට පත් එම දරුවාගේ සොහොයුරියද අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහු සඳහන් කළේ.
source :- https://tinyurl.com/4735u2r3







