
තානායමක මත්පැන් පානය කරමින් සිටිය දී ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසනවා.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වන අතර, තුවාල ලැබූ ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලිස් කොස්තාපල්වරයා ඊයේ (18) රාජකාරී විවේකය වාර්තාකර මත්පැන් පානය කිරීම සඳහා හොරණ තානායමට පැමිණ ඇති අතර එහි දී සැකකරු සමග කිසියම් සිද්ධියකට බහින්බස් වීමක් ඇති වී තිබුණා.

අනතුරුව සැකකරු බෝතලයක් කඩා කොස්තාපල්වරයාට ඉන් පහර දීමට කටයුතු කර තිබුණා..
සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ගල් ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර හොරණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
source :- https://tinyurl.com/3wc486j6







