
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකුවන රිස්වී කාලිද් සමීර් විසින් පොලිසියට ලබා දී තිබෙන පාපොච්චාරණය ඔහු විසින් ස්වේච්චාවෙන් ලබා දුන් එකක් යැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුකළා.
අදාල විත්තිකරු විසින් සහකාර පොලිස් අධිකාරිවරයාට ලබා දුන් පාපොච්චාරණය ස්වාධීනව ලබාදුන් එකක් නොවන බවත් එය බලහත්කාරයෙන් ලබාගත් එකක් බවත් සඳහන් කරමින් ඔහුගේ නීතිඥවරු විසින් අධිකරණය ඔහුගේ කරුණු මතු කර තිබුණා.
ඉන් අනතුරුව ඒ පිළිබඳව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පොලිස් සාක්ෂි, අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ සාක්ෂි ඇතුළු සාක්ෂි කැඳවා විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම විත්තිකරු විසින් ලබා දී තිබෙන පාපොච්චානි ඔහු විසින් ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවයි.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 15වනදා දක්වා කල් තැබුණා.
source :- https://tinyurl.com/bddb3bdb







