
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්න කර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්කඩු ජාවාරමේ යෙදුණු වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳු එම දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බවට සහ පලා යාමට උදව් කළ බව කියන සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවෙකුවන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (19) නියෝග කළා.
සැකකරු බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළේ.
සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

අද දින නීතිපති නියෝජනයක් සිදු කරන ලෙස දන්වා තිබුණද නීතිපති නියෝජනයක් තිබුණේ නැත.
හරක් කටා නොහොත් නදුන් චින්තක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට තැත් කළ සිද්ධියේ දී ඩුබායි සිටින ඔහුගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති යන අය එම සිද්ධියේ 14 වන සැකකරු ලෙස නම් කරන බවයි බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා ඇත්තේ.
source :- https://tinyurl.com/2ry4bfzv







