
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (16) ඒකක 14,500 සීමාව පසු කර තිබෙනවා.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 309.24 කින් ඉහළ ගොස් ඒකක 14,514ක් ලෙස සටහන් වුණා.
එසේම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 111.97කින් ඉහල ගොස් සටහන් වූයේ ඒකක 4356ක් ලෙසයි.

දිනය අවසානයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 8.2ක්.
මේ අතර, පසුගිය 12 වැනිදා මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගියා.
source :- https://tinyurl.com/yeyu3myt








