බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට ICCහි අනුමත ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම තහනම් කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ පසුගිය සැප්තැම්බරයේදී පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුට එරෙහිව පැනවූ තහනම සැලකිල්ලට ගනිමින්.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයෙන් සඳහන් කරන්නේ, ශකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් නැවත විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T10 තරගාවලිය සඳහාද ඔහු ක්‍රීඩා කරනු ලබනවා.

source :- https://tinyurl.com/4kta4a3c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here