අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බද්ධ බැංකු ගිණුමක් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව එහි කාර්යාල කාර්ය සහායකයෙකු සහ ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුමක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බවයි.

ඒ අනුව අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් සඳහා එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් මාස තුනක කාලයක් සඳහා නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය අදාල බැංකු ගිණුම මාස තුනක කාලයක් අත් හිටුවමින් නියෝගයක් නිකුත් කලා.

ඊට අමතරව මෙම සිද්ධියට අදාළව තවත් ව්‍යාපාරිකයෙකුගේ බැංකු ගිනුම් දෙකක් ද අත් හිටුවන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් තවත් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/4f689k3h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here