යාපනයේ කරෙයිනගර් කැෂුරිනා මුහුදේ දිය නාමින් සිටි යුවලක් මුහුදට ගසා ගෙන ගොස් තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනාව දැඩි පරිශ්‍රමයක් දරා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා නාවික හමුදාව එක්වයි ඊයේ (15) බේරාගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනාව බේරා ගාන්නා විට දෙදෙනාටම මුහුදු ජලය පෙවී සිහිසුන්ව සිටි නිසා ප්‍රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ දිනවල යාපනයේ සංචාරය කිරීම පිණිස විශාල පිරිසක් පැමිණෙන අතර, ඔවුන් ආරක්ෂක අංශ වල හා සෙසු නිලධාරීන්ගේ උපදෙස් හා නියෝග පිළිනොපැදීම නිසා මෙවැනි අනතුරු සිදුවන බවයි පොලිසිය පවසන්නේ.

අයහපත් කාලගුණික තත්ත්වයක් යාපනය හා උතුරු පළාත තුළ වර්ධනය වී ඇති නිසා පිටස්තර පළාත් වලින් චාරිකා සදහා යාපනයට පැමිණෙන පිරිස දැඩි අවධානයකින් යුතුව සිටින ලෙසද පොලිසිය මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

source :- https://tinyurl.com/4f43tntc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here